"දෙයියනේ... දොර ඇරියෙ කවුද?" මහේල තමන්ගෙන්ම විමසා ගත්තේ දොර අසලට ඉක්මන් ගමනින් යමිනි. ඝන අන්ධකාරයෙන් වෙළී පැවති පිටත පරිසරය මහේල තුළ ඇති කළේ භයංකාර සිතුවිලි සමූහයකි. එක්වරම පරිසරය ආලෝකමත් විය. එම ක්ෂණික ආලෝකමත් වීම තුළ මහේල දුටුවේ දකින්නට කිසිසේත් බලාපොරොත්තු වූ රුවක් නොවේ. මිදුල මධ්‍යයට වී, මොහොතකට පෙර නිවසට ඇතුළු වූ ආගන්තුකයා මහේල දෙස බලා සිටියේය. උස් තොප්පියක් පැලඳ සිටි ඔහු පසුපස දැවැන්ත බල්ලන් දෙදෙනෙකු සිටගෙන සිටියේය.
No reviews yet
Add to Favourites
Add to Cart
View Details