සියවස් රැසක හැල හැප්පීම් නෙතු අග රඳවමින්, ඒ කිසිවක් සිදු නොවූ විලසින් අපරදිග යුක්රේනයේ සොඳුරු කර්පාතියානු ගිරි වළලු ද, එහි පා අබියස වැතිරුණ නිම්න බිම්ද ජීවන වන්දනා ගමනේය. එවන් නොඉඳුල් බිමෙක සුවඳ උකහා, සොබාදහමේ නොකිලිටි හරිතවන් ගිරි ශිඛර, චෙරෙමෝෂ් නදියේ රිදී වන් දිය දහර මෙන්ම නුබ ගැබේ තරු පංති සේ දිස්වෙන බැටළුවන් තණ බුදින බිම් හරහා කොත්සුබින්ස්කියි සිය පන්හිඳෙන් පාඨකයා රැගෙන යන්නේ සිය කර්පාතියානු බිම්කඩට දැඩි සේ ඔවුන්ව ආදරයෙන් වෙළෙන්නට පොලඹවමිනි. හුත්සුල්වරුන්ගේ ගොවි-එඬේර දිවි පෙවෙත, සාම්ප්‍රදායික ආගමිකත්වයට බර දිවිය හා තවමත් නොනැසුණු ආගම් බද්ධ සිරිත් විරිත් මෙන්ම භූතාත්ම හා ගනුදෙනු මේ ප්‍රබන්ධයට සංකලනය කරමින් ඔහු පාඨකයා ප්රහර්ෂයට පත් කරන්නේ ඉන්ද්‍රජාලිකයෙකු විලසිනි.
No reviews yet
Add to Favourites
Add to Cart
View Details