ඉක්මන් අඩි තබමින් තමා ඉදිරියට එන ස්ත්රී රුව දුටු මඳ කිපුණු ඇතාගේ නෙත්වල කනීනිකා සිදුරු විසල් වී ගියේය. ඌ හොඬ ඔසොවා මහ හඬින් කෑගැසුවේය. එහෙත් ස්ත්රී රුවේ පසුබෑමක් නම් නොවීය. එහෙයින්ම ඇතා නොමඳ කලබලයට පත් විය. ඌ නැවතත් අනතුරු ඇඟවීමක් ලෙසටදෝ, ඉදිරි පය දෙක ඔසොවා පොළොව දෙදරන සේ බිම ඇන හොඬ ඔසොවා කෑගැසුවේය. එහෙත් හුළුඅත්ත අතින් ගත් ගැහැනියගේ ගමන නම් බාල නොවීය. ඇතා එවර විපිළිසරව ගිය ගතියකි. එවර ඌ පිට කළ හඬ යම් අපහසුතාවයකට පත් ගතියක් පෙන්නුවේය. නොබා ඉදිරියට ගිය ගැහැනිය, දකුණතෙහි වූ හුළුඅත්තෙන් තමාට වඩා දෙගුණයකටත් වඩා උසැති මහඇතාගේ පපුතලයට පහර දුන්නාය!
No reviews yet
Add to Favourites
Add to Cart
View Details