" කොළඹ බලා ධාවනය කරනු වස් එන්ජිම පණ ගැන්වූ බස් රියටම මම ද කඩිමුඩියේ ගොඩ වූයේ කොළඹ යෑමටත් වඩා සෙංකඩගල අහස ගුගුරවමින් ඇදහැලෙන දැඩි වර්ෂාවෙන් බේරීමේ උවමනාව නිසාවෙනි. බස් රථය අනෝරා වැස්ස මධ්‍යයේ කොළඹ දෙසට ඇදෙයි. මින් දශක හතරකට පමණ එහා දිනක දකුණු ලක අග නගරයේ සිට දහසක් බලාපොරොත්තු පොදි බැඳ මේ ආදරණීය නගරයට පැමිණි තුරුණු වියේ හිනිපෙත්තෙහි සිටි ඒ සරසවි සිසුවා මෙන්ම මා හටද තෙතබරිත වීදුරු ජනේලය අතරින් සැණෙකින් දිස් වූයේ බොඳ වූ ඈත හන්තාන කඳු පෙළයි. "
No reviews yet
Add to Favourites
Add to Cart
View Details