"අහස පොළොව ගැටල ගැටල කල්පනා කරන්නෙ මොකක්ද" කුෂී විදුලි වේගයෙන් තුෂේන් දෙස බැලුවේ ඒ හඩට. ඇය තවත් රතු වුණා. "මොකෝ..... බයවෙලා...." හේතුව දැන දැනම ඔහු ඇසුවේ ඒ රතු වී ඇති වත තවත් රතු කරන්නට ඇතිවූ ආසාවෙනි. "ම්... මගේ ඇඳුම..... ඒක කොහොමද ගැලවුනේ...." ඇය ගොත ගසමින් ඇසුවේ ඒ දෑස් මගහරිමිනි "හරි වැඩේ තමා. මොකෙක් හරි ඊයේ රෑ කාමරේට ඇවිත් ගවුම ගලවලා තියෙනවා. " ඔහු ඇයව විහිළුවට ගන්නේය. "අනේ බය කරන්න එපා" මම නම් දන්නේ නෑ කවුරු ගැලෙව්වද කියලා නම්. මම මැඩම්ව ඊයේ රෑ ඇඳෙන් තිබ්බෙ ගවුම පිටින්මයි ඔයාම වෙන්නැති රෑ නින්දෙන් ගලවන්න ඇත්තේ. " "මම ගැලෙව්වේ නෑනේ...." ඇයගේ මුවින් ඒ වදන් පෙළ පිට වූයේ නම් සිහින් හඬිනි.
No reviews yet
Add to Favourites
Add to Cart
View Details